ජනාධිපතිවරණය නියමිත කාලසීමාවේදී පැවැත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තවත් දින 100කින් නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වන බවයි.
“ආරංචිය සුබයි යනුවෙන්” මේ දිනවල ප්‍රචාරය වන වැඩසටහන පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක එහිදී අදහස් පළ කළා.