Friday, February 28, 2025

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අත්සන් තැබීම අද - ජනපතිත් රාත්‍රියේ ජාතිය අමතයි



පැරිස් සමාජය සහ විදේශීය ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් අත්සන් තැබීම අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ. 

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංම මහතා විසින් අද රාත්‍රී 08ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කිරීමට නියමිත එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙලෙස අදහස් පළ කළා.

රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කළ යුතු බවද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙහිදී කියා සිටියා.

ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදු කිරීමට නියමිත ප්‍රකාශය නෙත් එෆ් එම් රේඩියෝව, නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව සහ නෙත් නිවුස් ෆේස් බුක් පිටුව ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා.