ත්‍රිකුණාමලය පුල්මුඩේ අරිසිමල ආරණ්‍ය සේනාසනය නොහොත් ආසිරිකන්ද පුරාණ රජමහා විහාරයේ ඉදිවන තපස්සු භල්ලුක සෑයේ ආගමික වතාවත් අද දිනයේද පැවැත්වෙනවා.
එම සෑයේ ධාතු නිධානය, කොත පැළඳවීම, කොත නිරාවරණය ඇතුළු පිංකම් කිහිපයක් අද දිනයේ පැවැත්වෙන බවයි අරිසිමල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ නා හිමියන් පැවසුවේ.