Monday, March 31, 2025

General line - 0115112241

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් සිදු කළ සිසුවෙක් තඹුත්තේගමදී අත්අඩංගුවට



ව්‍යාජ මුදල් නෝට්ටු සමග සිසුවෙකු තඹුත්තේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තඹුත්තේගම බස් නැවතුම්පොළදී පොලිස් නිලධාරීන් විසින් එම සැකකටයුතු සිසුවා පරික්ෂා කිරීමේදීයි.

සැකකරු සන්තකයේ තිබී රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ රැසක්ද පොලීසිය විසින් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.