වසර 10ක් පුරා හිස්ව තිබූ ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සඳහා කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පත් කර තිබෙනවා.
2014 වසරේ සිට එම ධූරය හිස්ව තිබුණේ ඊට අදාළ සුදුසුකම් සපුරාලීමට කිසිදු පක්ෂයකට නොහැකිවීම හේතුවෙන්.
ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත් වීමට නම් කිසියම් පක්ෂයක් පාර්ලිමේන්තුවේ ආසන 543න් සියයට 10ක් හෝ ආසන 55ක් හෝ ලබා ගත යුතුයි.
එහෙත් පසුගිය වසර 10ම කිසිදු පක්ෂයකට එම ආසන සංඛ්‍යාව හිමි වූයේ නැහැ.
එහෙත් මෙවර ඉන්දීය කොන්ග්‍රසයට ආසන 99ක් හිමි වීමත් සමගයි රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධූරයට පත් කර ඇත්තේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2004 වසරේ දේශපාලනයට එක් වීමෙන් පසු ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රාහුල් ගාන්ධි ව්‍යවස්ථාපිත තනතුරක් දරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.