ශ්‍රී ලංකාව, සිය ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5යි දශම 8ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ, ප්‍රංශයේ පැරිස් නුවරදීයි.
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සඳහා අරමුදල් වෙන් කිරීමට සහ එහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායී මූල්‍යකරණය සුරක්ෂිත කිරීමට ඉඩ සලසමින් සැලකිය යුතු ණය සහනයක් ලබා දෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීන අපනයන - ආනයන බැංකුව සමග ද ගිවිසුම් අත්සන් කිරීම අද සිදු කළ බවයි.
මෙම ක්‍රියාවලියට නායකත්වය දුන් නිල ණය හිමි කමිටුවේ සම-සභාපතීත්වය දරන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයට, එහි අනෙකුත් සාමාජිකයින්ට මෙන්ම චීන අපනයන - ආනයන බැංකුවට ද සිය ප්‍රණාමය හිමිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
මෙමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් විශ්වාසය වැඩිවන බවත් එය ආර්ථික වර්ධනයට රුකුලක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් පවසනවා.