Monday, March 31, 2025

General line - 0115112241

රට බංකොළොත්භාවයෙන් නිදහස් - කියන්න ඕනේ කවුද?



රට බංකොළොත්භාවයෙන් නිදහස් බවට ප්‍රකාශ කළ යුත්තේ කවුද? මේ වන විට බොහෝ දෙනා නඟන ප්‍රශ්නයක්.

නෙත් නිවුස් එම ප්‍රශ්නය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ වෙත යොමු කළා.

එසේනම් ශ්‍රී ලංකාව තවමත් බංකොළොත්භාවයෙන් නිදහස් වී නොමැතිද? 

ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දැන් යම් සහනයක් ලැබී තිබුණද ගෙවීමට ඇති ණය යළි ගෙවන තුරු ශ්‍රී ලංකාව බංකොළොත් රටක් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.

කෙසේවෙතත් රට තුළ ආර්ථික අර්බුධයක් පැවති පසුගිය දෙවසර තුළද, ගෙවිය යුතු විදේශ ණය වලින් අඩක් එනම් සියයට 50 ක් අඛණ්ඩව ආපසු ගෙවීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.

ඒ අනුව 2022 වසරේදී ඩොලර් බිලයන 05 ක් සහ 2023 වර්ෂයේදී ඩොලර් බිලියන 06 ක් ආපසු ගෙවීමට කටයුතු කළ බවයි ඔහු පැවසුවේ.