Friday, February 28, 2025

General line - 0115112241

නීතිපති ගැන ජනපතිගේ ඉල්ලීම දෙවැනි වරටත් ප්‍රතික්ෂේප වෙයි



නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඡන්දයක් ද පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී අදාළ යෝජනාවට විරුද්ධව ඡන්ද 05ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද තුනක් පමණයි.

නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය ඊයේ දිනයේ අවසන් වීමට නියමිතව තිබුණා.

ඒ අනුවයි ඔහුගේ ධුර කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා යළිත් වරක් යෝජනාවක් ඉදිරිපත් කළේ.

ජනාධිපතිවරයා ඉකුත් 18වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදීද එය ප්‍රතික්ෂේප කෙරුණා.

එහිදී ද අදාළ යෝජනාවට විරුද්ධව ඡන්ද 05ක් ලැබූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද තුනක් පමණයි.