පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය දැන් පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානයේ සියලු දෙනා පන්දුවාර 11යි පන්දු 05ක් අවසානයේ ලකුණු 56කට දැවී ගියා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටැබ්‍රයිස් ෂම්සි ලකුණු 06කට කඩුලු 03ක් සහ මාකෝ ජෙන්සන් ලකුණු 16කට කඩුලු 03ක් බිඳ හෙළුවා.
මෙය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි.
එමෙන්ම ඕනෑම ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟාවලියක පිලිමලුන් පිටුදැකීමේ වටයකදී කිසියම් කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.
ලකුණු 57ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකාව පන්දුවාර 08යි පන්දු 03ක් අවසානයේ කඩුලු 01ක් දැවී ලකුණු 48ක් රැස් කරගෙන සිටියා.