Friday, February 28, 2025

General line - 0115112241

හැම දෙනාම දරුවා වැල් පාලමෙන් අරන් යද්දී හැම පැත්තටම අදින්න උත්සාහ කරනවා - ආශුබෝධ මාරසිංහ



පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශුබෝධ මාරසිංහ අද (2024/06/27)සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්,

''ඊයේ ජනාධිපතිතුමා ජාතිය ඇමතීමත් එක්ක මේ රටේ ජනතාව ඒ පිළිබඳව කතා කරන්නට ගත්තා. හැම දෙනාම සතුටට පත්වුණා. ඒ තුළින් ඇතිවන සමාජ ආර්ථික බලපෑම ඉතාම විශාලයි කියන එක හැමෝම වටහාගෙන ඉන්නවා. විශේෂයෙන්ම විදේශීය ණය ප්‍රතිව්‍යුහ ගතකරණය කිරීමේදී ශ්‍රී ලංකාව නිල ණය හිමියන්ගේ කමිටුව සමග ගිවිසුමක් අත්සන් කළා. ඒ වගේම චීන සමූහ ආණ්ඩුව,චීන අපනයන ආනයන බැංකුව සමග එකඟත්වයකට පැමිණුනා. ඒ වගේම පැරිස් සමාජය  එකඟතාවලට පැමිණුනා.

මේ කතාවෙදි විපක්ෂයේ මන්ත්‍රීවරු හැමදාම ඇඟිල්ල දිගු කොට ප්‍රකාශ කළේ, දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය  සිදු කළාට විදේශය ණය එසේ සිදු කරගන්නට බැරිය කියලයි. ඒ අනුව ඉදිරියේදී මේ පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත වේවි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා සියලුම බාධක ඉවත් කරගත් පසු තමයි මේ රටට සුභ පණිවිඩය ගෙනාවේ. දෙදහස් 2022 අවුරුද්දේ මේ රට බං කළොත් වෙලා ගෑස් එන්ධන නොමැතිකමින් ජනතාව පාරට වැටුණට පස්සේ තමයි විපක්ෂය සතුටු වුණේ කියන එක අපි මතක් කළ යුතුයි. සුභ ආරංචිය කියන පණිවිඩය දැක්කට පස්සේ ඔවුන් අලවපු පෝස්ටර් වලින් දැක්කේ ඔවුන් වඩාත් බියට පත්වෙලා තිබෙන ස්වභාවයකුයි. ඒ අනුව 2027 වෙනකම් අපිට ඉතිරි ණය ගෙවීම සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. ඉතිරි ණය ටික ගෙවා ගැනීම 2048 වෙනකම් අපිට කාලය ලැබෙනවා. ඒ අනුව විදේශීය රාජ්‍යයන් සහ බැංකු අපේ ණයවර ලිපි පිළිගන්න තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා පත්වෙලා තවමත් අවුරුදු දෙකක් ගතවෙලා නැති තත්ත්වයක් තුළ අත්පත් කරගත් මෙම ප්‍රගතිය ඉතාමත්ම ආකර්ෂණීයයි කියන එක මතක් කළ යුතුයි. අපේ රට මීට පෙර දහසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් තිබුණත් ඒ අදාළ කොන්දේසි ඉටු නොකිරීම නිසා ඒ ප්‍රයත්නයන් සාර්ථක වුණේ නැහැ. ජනාධිපතිවරයා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත අපි යන අවසන් අවස්ථාව මෙය බවයි. රාජ්‍ය නායකයා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඔහු යන්නේ ප්‍රථම වතාවටයි කියන එකත් මතක් කල යුතුයි. 

දැන් විපක්ෂයේ සමහර අය කියනවා අපි බලයට ආපුවහම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලට මානුෂීය මුහුණුවරක් දෙනවයි කියලා. දැනට මේ ගිවිසුම් වල තිබෙන අමානුෂික මුහුණුවර කුමක්ද කියන කාරණය ඔවුන් පැහැදිලි කළ යුතුයි. ඒ වගේම තමන් සමහර කයියනායක  කියනවා එංගලන්තය වැනි රටවලට ගිහිල්ලා බලය දෙන්න කියලා ඡන්දය හිඟා කනවා. ඔය වගේම තවත් කෙනෙක් පාසල්වල දරුවන්ට දේවල් දෙමින් සිඟිති සුරතල් කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. පාසල් දරුවන්ට දරුවන්ට නොතේරෙන දේවල් කියමින් දරුවන්ව ැරදි විදිහට දේශපාලනයට පාවිච්චි කරන්නට එපා. අපි පක්ෂය කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කොන්දේසි  වෙනස් කරලා මේ රට නැවත වට්ටන්නට කටයුතු කරනවයි කියලා. අපේ රටේ අමාරු කාලය මෙතනින් ඉවරයි. අපි ඒක ගැරන්ට් කරනවා. විශේෂයෙන්ම තාක්ෂණික කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය කෘතිම බුද්ධිය වැනි විෂයන් වැඩි වශයෙන් උගන්නලා 2028 වෙද්දී වැඩියෙන් ඒ පිළිබඳව රට තුළ පිරිස් බිහිකරන්නටත් ආධාර ලබාගන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. නැවත රටේ ජනතාවත් නොමග යවන අසුභ ආරංචි ගෙන එන්නට නැවත එපයි කියලා අපි ඔවුන්ට මතක් කරන්නට කැමති යි.

අපේ රට බං කළොත් කියලා ප්‍රකාශ කලේ කිසිදු ආයතනයක් නෙවෙයි. එනිසා බංග්ලොග්භාවයෙන් මිදුණයි කියලත් කිසිදු ආයතනයක් ප්‍රකාශ කරන්නට අවශ්‍ය නැහැ. අපිට ණය ගෙවන්නට පුළුවන් කියන හැකියාව අපි උදාකර ගත්තනම් ඒක තමයි බංකළොත් භාවයෙන් මිදීම කියන්නේ. මහ බැංකුවේ අධිපතිතුමා තමයි ප්‍රකාශ කළේ අපේ රට බංකුරුත්භාවයට පත්වෙලා තියෙනවායි කියලා. විවිධ ආයතන පර්යේෂණ කරනවා. උදාහරණයක් විදිහට විපක්ෂ නායකතුමාට අවශ්‍යතාවයකට කරට පර්යේෂණ කරන ආයතන ඉන්නවා. ඔබ දැක්කා ඊයේ විදේශ රටවල්වල තානාපතිවරුන් ට්විට් කරලා තියෙනවා. අපට ණය ප්‍රතිව්‍යුහතකරණය කරන්න ැකියාව තිබෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා.

මේ රට බංකොලොත් කරපු ප්‍රධාන දෙතුන්දෙනා ජනාධිපතිවරයාත් සමඟ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නැහැ. අජිත් නිවාඩ් කබ්‍රාල් නැහැ. ආචාර්ය නාලක ගොඩහේවා නෑ. ඔහු දැන් ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්කයි. කාබනික පොහොර ගේන්න එපා කියල ඇමතිවරු කියද්දී ඒක ඇහුවේ නැහැ. නාලක ගොඩ ඒවා කියපු එක කළා. චාමර දස නායක මන්ත්‍රීවරයා යෝජනා කරපු දේවල් අඩුම තරමේ ඇහුවේ නැහැ ඔහුට දැනුම තිබුණා, කාබනික පොහොර ලංකාවට ගේන්න එපයි කියන්න. ප්‍රායෝගිකව දේශපාලනය කරන ගමේ ඉන්න මනුස්සයෙක් කියන දේ ඇහුවේ නැහැ. දැන් නාලක ගොඩහේවා උපදෙස් දෙන්නේ සජිත් ප්‍රේමදාසටයි කියන එක හැමෝම දන්නවා.

මම ලබන සතියේ ජනාධිපති වෙනවයි කියලා හීනෙන් ජනාධිපති වෙන අයත් ඉන්නවා. තැන් තැන්වල ගිහිල්ලා රොටී කන අයත් ඉන්නවා. එනිසා හැම දෙනාම දරුවා වැල් පාලමෙන් අරන් යද්දී හැම පැත්තටම අදින්න උත්සාහ කරනවා. හැමෝම අපිට පුළුවන් කියල කිව්වට හැමෝම මගහැරලා ගිහිල්ලා ඒක ඔප්පු කලේ එක්කෙනෙක් විතරයි.''