Saturday, March 1, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතන සේවකයන් 8,000කට ජූලි මාසයේදී ස්ථිර පත්වීම්



පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවයි.

මෙමගින් පළාත් පාලන ආයතනවල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් හිමිවනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එම පත්වීම් ලිපි කඩිනමින් ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා පවත්වා තිබෙනවා.

ඒ අනුව එලඹෙන ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබා දීමටයි තීරණය කර ඇත්තේ.