Monday, March 31, 2025

General line - 0115112241

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නිවේදනය 



1.2023 මාර්තු 20 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ අරමුදල් පහසුකම සඳහා අනුමැතිය ලබා දීමෙන් අනතුරුව 2023 අප්‍රේල් 13 වන දින ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන් අතර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා නිල ණය හිමියන්ගේ කමිටුව ස්ථාපනය කරන ලදී. 

2. සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව නිල ණය හිමියන්ගේ කමිටුව 2024 ජූනි 26 වන දින ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. මෙම සන්ධිස්ථානය මගින් පෙන්නුම් කරන්නේ ආර්ථිකය ස්ථායිකිරීම සම්බන්ධයෙන් සහ ප්‍රතිසංස්කරණ සහ වර්ධනය වෙත යන ගමනේදී ශ්‍රී ලංකාව විසින් ලබා ඇති ශක්තිමත් ප්‍රගතියයි.

3. ප්‍රංශය සහ ජපානය සමඟින් නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය හිමි රටක් වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථායිකරණය, ප්‍රතිසාධනය සහ වර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කර ඇත. මෙම කැපවීම ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක පෙර නොවූ විරූ මූල්‍ය සහයෝගයෙන්ද නිරූපණය විය. ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට අවස්ථාව විවර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය සහතිකය ලබා දුන් ප්‍රථම ණය හිමි රාජ්‍යය වූයේ ද ඉන්දියාව යි.

4. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන්හි දිගුකාලීන ආයෝජන ප්‍රවර්ධනය කිරීම ඇතුළු පියවර තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙනු ඇත.