Saturday, March 1, 2025

General line - 0115112241

කොස්ලන්ද පූනාගල රක්ෂිතයේ විශාල ගින්නක්



කොස්ලන්ද පූනාගල කදු රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා 

ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර  රක්ෂිතයේ අක්කර පනහකට අධික භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ .

ඊයේ පස්වරුවේ මෙම ගිනි ගැනීම හටගෙන ඇති අතර  අතිශය සංවේදී පරිසර පද්ධතියක් සහිත මෙම පරිසර පද්ධතියට  විශාල විනාශයක් සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පූනාගල කදු පංතියේ කොස්ලන්ද සහ වැල්ලවාය දෙසට ඇති බෑවුම් කොටස තුල මෙම ගින්න පැතිර යන අතර අද  උදෑසන වන විටත් තැනින් තැන ගිනිගෑනිම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ .