Saturday, March 1, 2025

General line - 0115112241

අම්බලන්ගොඩ මල්ශාලා හිමිකරු ඝාතනය කළ සැකකරු පොලිසියට භාරවෙයි



අම්බලන්ගොඩ, ආවාසවත්ත ප්‍රදේශයේදී මල්ශාලා හිමිකරුවෙකු ඝාතනය කළ සැකකරු නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවී තිබෙනවා.

එහිදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වතුගෙදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු ඝාතනයට ලක් වූ මල්ශාලා හිමිකරුගේ සහයක ලෙස කටයුතු කර ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.