Monday, March 31, 2025

General line - 0115112241

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ



2025 වසරට අදාළ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය අධ්‍යාපන බලධාරින් හා සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත නිකුත් කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.      

ඒ අනුව ජූනි 30 වනදා සිට ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත පාසල් වෙත යොමුකළ හැකියි.

එම අයදුම්පත් භාර ගැනීම ජූලි මස 31වනදායින් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

2025 වසරට අදාළ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය පහතින්