Monday, March 31, 2025

General line - 0115112241

අග්‍රාමාත්‍යවරයා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගතිය විමසා බලයි 



රජයේ සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමේ ප්‍රධාන වගකීම දිසාපතිවරුන් සතු බවත් විමධ්‍යගත අයවැය වැඩසටහනේ ප්‍රාථමිකය ක්‍රියාත්මක කර ගැනීමේ ප්‍රමාදයක් තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා 

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  දිවයින පුරා විමධ්‍යගත අයවැය වැඩසටහන,විශේෂ ව්‍යාපෘති, උරුමය වැඩසටහන සහ කඳුකර දශකය වැඩසටහනේ  ප්‍රගතිය විමසා බැලීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්  

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ මෙවැන්නක් 

" මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම දිසාපතිවරුන් සතුයි. ඔබත් අපත් ඒ වගේම විශේෂයෙන් ජනාධිපතිතුමා පත් කළ කමිටුවත් මාස තුනක් පුරා යෙදුණු සාකච්ඡාවල ප්‍රතිඵල සමාලෝචනය කිරීමටයි අද එක්වන්නේ. 

අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කිරීම ක්‍රියාත්මක කිරීමේ පිළිවෙතින් සම්පූර්ණයෙන් බැහැර වී පසුගිය දවස් 45 තුළ ජනාධිපතිතුමා ඒ සඳහා අපට ගමන් කිරීමට ඉඩකඩ ලබා දුන්නා. 

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරු, දිස්ත්‍රික්  සංවර්ධන කමිටු සභාපතිවරු,  ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු අන්තර්ගතව මෙම වැඩපිළිවෙළ මෙහෙයවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.

තොරතුරු නිවැරදිද, සම්පූර්ණ වී තිබෙනවාද කියන දේ භාරවෙන්නේ ඔබ සියලු දෙනාටයි. 

විමධ්‍යගත   වැඩසටහනේ ප්‍රාථමිකය ක්‍රියාත්මක කර ගැනීමට ප්‍රමාදයක් තිබෙනවා. 

එක සාමාන්‍ය ස්වභාවය. කලින් යෝජනා කර, නිර්දේශ කොට අනුමත කිරීම කළ හැකි නම් ඒවා ක්‍රියාත්මක කරන ආයතන හැටියට එලෙසම කඩිනමින් ක්‍රියාත්මක කරවා ගත යුතුයි. 

මේ වෙලාවේ අපි ඉක්මනින් අපට භාණ්ඩ  ලබාගන්න පුළුවන්. ඉදිකිරීම් වල ඉංජිනේරු සහතිකය වැනි රාශියක් තිබෙනවා. මේ සියලු වැඩසටහන් ඉවර වුණාට පස්සේ තමයි ක්‍රියාත්මකද නැද්ද කියලා බලන්න වෙන්නේ. 

මෙම වැඩසටහන් පිළිබඳ සියලු වාර්තා ඉතා පැහැදිලිව ලබාදීමට දිසාපතිවරුන් කටයුතු කළ යුතුයි.

සංවර්ධනය කරමින් තිබී නවතා දැමූ මහා මාර්ග යළි සංවර්ධනය කිරීම ආරම්භ කළා. 

මේ වැඩසටහන් පිළිබඳ සහයෝගය මදි කියන එක ප්‍රකාශ කරන්න වෙනවා. 

සියලු බිම් මට්ටමේ තොරතුරු තියෙන්නේ දිසාපතිවරුන්ගේ අතේ. 

ගිය මාසෙම වැඩ කරන්න බැහැ කිව්වා වැස්ස කියලා. දැන් කියනවා දුවන වැස්සක් කියලා. සෑම දිසාපතිවරයෙක්ම පවතින යථා තත්ත්වය වාර්තා කරන්න.  "