Monday, March 31, 2025

General line - 0115112241

නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (MOH) සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට



සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (MOH) සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල අද ජනතා අයිතිට පත් විය.

ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ඒයාර් ‌ෆෝස් රොෂාන් ගුණතිලකගේ සහභාගිත්වයෙන් 

නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 15 ක 90,000 කට අධික ජනතාවක් සදහා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සෞඛ්‍ය සේවා සපයනු ලබයි.

මේ සඳහා  සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය, බස්නාහිර පළාත් සභාව, කෝට්ටේ නගර සභාව මගින් ප්‍රතිපාදන ලබාදී ඇති අතර පළමු අදියර සදහා වැය වී ඇති මුළු මුදල රුපියල් මිලියන14ක් වෙනවා.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ මෙම සියවස මෙරට පරිවර්ථනීය සියවසක් බවත්, ලංකා ඉතිහාසයේ සංඛ්‍යාත්මක දත්ත අනුව සුවිශේෂි සමාජ ආර්ථික පරිවර්ථනයට මෙවැනි මධ්‍යස්ථාන සාක්ෂි වන බවයි. 

මෙරට සෞඛ්‍ය සේවාවේ  ප්‍රාථමික හා දීවිතීයික සෞඛ්‍ය සේවාවන් ආවරණය වන පරිදි  ආයතන 1100 ක් වන බව ද පැවැති සෑම රජයක්ම සෞඛ්‍ය සේවා සදහා වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇති බව ද පැවසීය. 

ප්‍රාථමික මට්ටමක පැවැති මෙරට සෞඛ්‍ය සේවාව විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතූලු 150,000 ක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට මෙරට සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය දර්ශක ලොව දියුණු රටවල මෙන් ඉහළ අගයකට ගෙනඒමට හැකියාව ලැබී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා 

ප්‍රාථමික සෞඛ්‍ය ආයතන ශක්තිමත් කිරිම තුලින් ද්විතීයික සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂමව සිදු කිරිමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දෙන ලදි.