Monday, March 31, 2025

General line - 0115112241

කෙහෙලියත් යළි රිමාන්ඩ්

උදය කුමාර



හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්  07 දෙනෙකු ජූලි මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළ නඩුවටයි ඔවුන් එලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

කෙසේවෙතත් එම සිද්ධියේ සැකකාරියක් වන වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරිනියක් ඇප මත අද මුදාහැර තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ලබාදුන් නියෝගයකට අනුවයි.

සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින්.

ඒ, පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරිම, අසත්‍ය චෝදනා එල්ල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මතයි.