Friday, March 29, 2024

General line - 0115112241

කතරගම වනසන්නේ තිරුපති ගේන්නද?




1987 වසරේ පැවති ගම්උදාවට සමගාමීව කතරගම පුදබිම තුළ ස්ථාපිත කරන ලද ඖෂධ උයන මේවනවිට ඩෝසර් යොදාගනිමින් හෙළිපෙහෙලි කර ඇත. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ වත්මන් බස්නායක නිළමේ පී.ඩී කුමාරගේටය.

ඔහු පවසන්නේ කෙසෙල් සහ පොල් වගාව සඳහාත්, කසළ බැහැර කිරීම සඳහාත් අදාල හෙළි පෙහෙලි කිරීම කළ බවය. එහෙත් කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසී ජනතාව ඊට එරෙහිව උද්ඝෝෂනයක්ද පවත්වමින් කියා සිටියේ ඉන්දියාවේ තිරුපති කෝවිලේ ශඛාවක් ඉදිකිරීම සඳහා මෙම ඔසු උයන විනාශකර ඇති බවයි.

ඉඩමේ හිමිකාරිත්වය දරණ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජගත් මුණසිංහ පවසන්නේ, මෙම හෙළිපෙහෙලි කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබාගෙන නැති බවයි. මේ සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය පියවර හේතුවෙන් මේවනවිට අදාල ක්‍රියාව මේවනවිට අත්හිටුවා ඇතිබවයි මොණරාගල දිස්ත්‍රික් ලේකම් පත්මා කුලසූරිය පවසන්නේ.

Kataragama 00001accident Kataragama 00002accident

 

Kataragama 00003accident Kataragama 00004accident

 

Kataragama 00005accident

 

Kataragama 00006accident Kataragama 00007accident Kataragama 00008accident Kataragama 00009accident