Friday, April 26, 2024

General line - 0115112241

ඉරිදා දින පන්ති තහනමට ගුරුන්ගෙත් සහය (UPDATE)




ඉරිදා දිනයන් හිදී මධ්‍යම පළාත තුළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමේ තීරණයට සහාය ලබාදෙන බව පෞද්ගලික පන්ති වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම පළාත් සභාපති වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ආණ්ඩුකාරවරිය ගෙන ඇති මෙම තීරණයට තම සංගමය දැනටමත් කැමැත්ත පළ කර ඇති බවයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ප‍්‍රකාශ කළේ ඉරිදා දිනයන් හිදී මධ්‍යම පළාත තුළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.


ඉරිදා දින ‘පන්ති තහනම’ ළඟදීම

(Jul 4, 2016 @ 08:04)

ඉරිදා දිනයන් හිදී පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම ඉදිරි සති දෙකක කාලය තුළ සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කරන බව මධ්‍යම පළාත ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසනවා.

ඇය ප‍්‍රකාශ කළේ ඒ පිළිබඳ තමන් ජනාධිපතිවරයාව ද දැනුවත් කළ බවයි.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියා. ඉරිදා දිනයන් හිදී මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නීතිය සම්මත වී ඇතත්, එහි අඩුපාඩු සකස් කිරීම සිදුකළ යුතු බවත් ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.