රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා එක් වූ ශ්‍රී ලාංකික සෙබලුන්ගෙන් 17 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.
එමෙන්ම තවත් 121 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි තහවුරු වී ඇත්තේ.
එම යුද්ධය සදහා එක්වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා දැඩි කතාබහකට ලක්ව තිබුණා.
ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමට සහ අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, දයාසිරි ජයසේකර ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු පසුගියදා රුසියාව බලා පිටත් වුණා.
එහිදී ඔවුන් රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇතුළු එරට බලධාරීන් පිරිසක් සමග සාකච්ඡා කර තිබෙනවා.
එම සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් අද දිවයිනට පැමිණි අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.