Monday, March 31, 2025

General line - 0115112241

සමන් කොල්ලාගේ ප්‍රධාන ගෝලයෙක් අම්බලන්ගොඩදී   STF අත්අඩංගුවට



සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සජිත් සමන් ප්‍රියන්ත නොහොත් සමන් කොල්ලා නමැත්තාගේ සමීපතමයෙකු අම්බලන්ගොඩ, වේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කුලීගොඩ උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

රත්ගම උප කඳවුරේ සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායම සහ පොලිස් ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම එක්ව සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ සමන් කොල්ලා නමැත්තාගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 880ක්, ජංගම දුරකතනයක් හා බැංකු කාඩ්පතක් සොයාගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.