Saturday, March 1, 2025

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට මැතිසබේදී කරන්න යන දේ

නිහාල්සිරි ගම්ලත්



ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ඇති කර ගත් ගිවිසුම් සහ එකඟතාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින දෙකක විවාදයක් පවත්වා අවශ්‍ය වුවහොත් ඡන්ද විමසීමකින් එය සම්මත කර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාකර දීම සඳහා එලෙස කටයුතු කරන බවයි රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.  


රජය විසින් ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවකට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂයට අවස්ථාව පවතින බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. 


මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය.