Saturday, May 31, 2025

General line - 0115112241

පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට



එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කරුවලගස්වැව, 07 කණුව මී ඔය ආසන්නයේ අද අලුයම සිදු වූ රිය අනතුරකට අදාළවයි.

ඔහු ගමන්ගත් මෝටර්රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රී රෝද රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත්‍රීවිල් රථ රියදුරා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.