මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් පානය කළ ධීවරයන් 06දෙනෙකු අතරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ‘ඩෙවෝන්’ බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් 06 දෙනා මත්පැන් බව සිතා එම බෝතලයේ තිබූ ද්‍රාවණය පානය කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම මත විජයබාහු නෞකාව වෛද්‍ය කණ්ඩායමක් සමග එම ස්ථානයට කඩිනමින් පිටත් කර හරින බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසුවේ.
මේ අතර, මුහුදු ගිය එම ධීවරයින් කඩිනමින් ගොඩබිමට ගෙන්වා දෙන ලෙස ඉල්ලා ධීවර ජනතාව අද විරෝධතාවක නිරත වුණා.
ඒ, කොළඹ, කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල පල්ලික්කුඩා ප්‍රදේශයෙන් අවහිර කරමින්.