සිරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න වැලිකඩ කාන්තා බන්ධනාගාරයට අද පෙරවරුවේ පැමිණ තිබෙනවා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සුවදුක් විමසීම සඳහා අද පස්වරුවේ පැමිණි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.
ඒ අනුව ඊයේ පස්වරුවේ වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත රැගෙන ආ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සී 35094 අංකය යටතේ සිර කාරිණියක් ලෙස ලියාපදිංචි කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඉන් අනතුරුව සිරකාරිණියන්ට නියම වූ ඇඳුමද බන්ධනාගාර නිලධාරිනියන් විසින් ඇයට ලබා දී තිබෙනවා.
වෛද්‍ය පරීක්ෂාවකටද යොමු කිරීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ රඳවනු ලැබුවා.
මේ අතර සමගි ජන ජලවේගය අද කැඳවූ මාධ්‍ය හමුවකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ක්‍්‍ය්භෘෂඵ් 02*