Saturday, March 1, 2025

General line - 0115112241

ජනපතිවරණය ගැන නිවේදනය ප්‍රකාශ කරන දවස කොමිසම කියයි

හේරත් ඒකනායක



ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීමට ජූලි මස 17වනදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඉන් අනතුරුව මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සිදු කරන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.    


මැතිවරණයට අදාළ කටයුතු සිදු කරන අනෙකුත් රාජ්‍ය ආයතනවලද සිය සේවාවන්හි මූලික කටයුතු ආරම්භ කරන ලෙසට දැනුම් දුන් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.