Monday, March 31, 2025

General line - 0115112241

ග්‍රාම නිලධාරීන්ට ජනපති කාර්යාලයෙන් කැඳවීමක්



සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී හෙට දිනයේ පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුම් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නන්දන රණසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ සිය ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ පසුබිමක් තුළ සිය සංගමය  ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන බවයි. 


යම් හෙයකින් එම සාකච්ඡාවේදී තමන්ට සිය ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරන වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.