දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දේශපාල වේදිකාවල මේ දිනවල විවිධ අදහස් පළ වනවා.
රට ආර්ථිකව වර්ධනය කිරීමට නම් සුළු පරිමාණ ව්‍යාපාරිකයින් දිරි ගැන්වීමට රජය කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
විදේශීය ණය ගෙවීමට නම් නිසි ආර්ථික වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් පැවසුවා.
කුමන බලපෑම් පැමිණිය ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිදු කණ්ඩායමකට වෙන් කිරීමට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හම්බන්තොට පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළා.