බඩඉරිගු ආනයනය සඳහා රජය කඩිනමින් අවසර ලබා නොදුනහොත් බිත්තර සහ කුකුල් මස් මිල ඉදිරියේ දී තවදුරටත් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ මේ වනවිට දේශීය බඩඉරිගු නොමැති බැවින් බඩඉරිගු ආනයනය කඩිනමින් සිදුකළ යුතු බවයි.
දේශීය බඩඉරිගු අස්වැන්න නැවත ලැබීමට නියමිතව ඇත්තේ එළඹෙන පෙරවාරි මාසයේදී බැවින් ඒ දක්වා බඩඉරිගු මෙට්රික් ටොන් ලක්ෂ තුනක් පමණ ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.