මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා නිලධාරියෙකු හා සෙබලෙකු නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය මඟින් සිදුකල විමර්ෂණයකින් අනතුරුවයි.
අදාළ සැකකරුවන් දෙදෙනා නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු සහ සෙබලෙකු බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.
ඔවුන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය වැඩිදුරටත් පැවසුවේ.