අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල පහල දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල අඩු කර තිබෙන බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිරටයක මිල රුපියල් 11කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 344ක් වනවා.
තවද රුපියල් 420ක් ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිරටයක මිල රුපියල් 41 කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 379ක් වනවා.
ලංකා සුපිරි ඩිසල් 4ස්ටාර් වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 22කින් පහත දමා තිබෙන අතර එහි නව මිල ලෙස රුපියල් 355 වක්න බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
තවද ලංකා සුදු ඩිසල් සහ ලංකා භූමිතෙල් මිල සංශෝධනය නොකර එලෙසම පවත්වා ගැනීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා