දෙමව්පියන් ද එක්කර ගනිමින් අද දිනයේ පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසනවා.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පාසල් වේලාවෙන් අනතුරුව එලෙස විරෝධතාවයේ නිරත වන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ.
ලෙඩ නිවාඩු වාර්තා කරමින් පසුගියදා දින දෙකක ගුරු විදුහල්පතිවරුන් පාසල් වෙත පැමිණියේ නැහැ.
අදාළ දින දෙකෙහි සිසුන්ට අහිමි වූ අධ්‍යාපන කටයුතු ආවරණය කරන්නේ කෙසේදැයි නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා.