මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද මිල ගණන් අඩුකර තිබෙනවා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් පහළ දැමූ පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 41කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 22ක මුදලකින් අඩුකල බවයි එම සමාගම් පැවසුවේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379ක් වනවා.
සුපිරි ඩීසල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 355ක මුදලකටයි.
කෙසේවෙතත් කිසිදු සමාගමක් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිලෙහි සංශෝධනයක් සිදුකර නැහැ.