Saturday, March 1, 2025

General line - 0115112241

බලය අතට.අරගෙන අපේ දරුවන්ගේ ඥාතීන්ගේ අතට දෙන්‌නේ නෑ, - අනුර කියයි



දූෂිත ප්‍රභූ පැලැන්තිය අතේ තියෙන බැටන් එක  ජාතික ජන බලවේගයේ  අතට ගෙන නූතන පරම්පාරාවේ අතට මේ රාජ්‍යය පාලන බලය ලබා දීමට සුදානම් බව  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා..

 ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, කැකිරාව මහජන ක්‍රීඩාංගනයේ පැවති ජාතික ජන බලවේගයේ අනුරාධපුර තරුණ රැළිය අමතමින්.

 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියේ මෙවැන්නක්.

" අපේ රටේ දේශපාලන අධිකාරිය, අපේ රටේ තරුණ පරම්පරාවට තිබුණ අනාගතය නැති කරලා තියෙන්නේ, හැබැයි ඒ ගොල්ලන්ගේ දරුවන්ට එ‌හෙම ප්‍රශ්නයක් නෑ කවදවාත්, අපේ ගමේ අම්මා -තාත්තාගේ දරුවන්ට ඒ ප්‍රශ්නය තියෙනවා.

ඒ ප්‍රශ්නය විසඳන්න උත්තරයක් හෙව්වේ නෑ, උත්තරයක් හොයන්නත් ඒ ගොල්ලන්ට ඕනේ නෑ,

ඒ ගොල්ලන්ට හැමදාම ඔ්න වුණේ ඡන්ද කාළය එන කොට පෝසටර් ගහන්න කොල්ලෝ කෙල්ලෝ  ඕනේ, ඡන්ද කාළය එන කොට රස්සාවක් දෙන්නම් කියලා කැන්වසින් යන්න කොල්ලෝ කෙල්ලෝ  ඕනේ , ඒ ගොල්ලෝ කවදාවත් අධ්‍යානය දියුණ කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න සැලැස්මක් හැදුවේ නෑ, 

ආර්ථිකය ශක්තිමත් වුණොත් එස්.එම් චන්ද්‍රසේන වගේ  පොස්ටර් ගහන්න යනවාද? 

හරි හමන් උත්තරයක් දෙන්න බැරි , දෙයක් අහපුවාහම තේරෙන්නේ නැති , අපහසා කරනවා නෙමෙයි, ඇත්ත කථාව ඒක, රටක් පාලනය කරනවා.හැබැයි පෝස්ටරයක් ගහන්න  ඕනේ රස්සාවක් ගන්න.අපිව නැති බැරි කමට, හිඟමනයට පත් කරනවා.අපේ අනාගතය විනාශ කරනවා.විනාශ කරලා ඒ ගොල්ල ගාව යාචකයෝ බවට පත් කරනවා.

රස්සාවක් ඉල්ලන්න, හාල් පැකට් එකක් ගන්න,ගෙදරට වතුර ටිකක් ගන්න,පාරට ලයිට් ටික ගන්න පිටිපස්සේ  දුවන්න වෙලා තියෙනවා

මොකක්ද මේ දේශපාලනය මේක වෙනස් කරන්න  ඕනේ, කොන්ද තියෙන, පෞරුෂය තියෙන, බලය තියෙන නව තරුණ පරම්පරාවක් 

මේ රටේ නිර්මාණය කරන්න  ඕනේ ඒ ගොල්ල කවදාවත් ඒක කරන්නේ නෑ, 

මේ රටේ බලය තතියන, කොන්ද තියෙන, පෞරුෂය තියෙන පරම්පරාවක් නිර්මාණය කිරීම ඒ ගොල්ලන්ගේ පැවැත්මේ අවසානය.

කොන්ද තියෙන, හයියි තියෙන, දැනුම තියෙන තරුණයාට ඒ අය භයයි, 

ඒ නිසා ඒ ගොල්ල කට වහලා, භය කරලා, භය ඇති කරලා, වකුටු වෙච්ච ,තරුණ ජීවිත ඒ ගොල්ලන්ට  ඕනේ, එස්.එම් එන කොට කාණුවට බහින, එස්.එම් එන කොට නැගිටින, එස්.එම් එනකොට සර් කියලා කොන්ද නැමෙන තරුණයෝ ඒ ගොල්ලනට  ඕනේ, 

ඒ නිසා ඒ ගොල්ල කවදාවත් අලුත් තරුණයෙක් හදන්නේ නෑ, හයිය තියෙන තරුණයෙක් හදන්නේ නෑ,අපි යෝජනා කරන්නේ නව තරුණ පරම්පරාවක්, අපි කරන්නේ එකයි,

මේ දූෂති ප්‍රභූ පැලැන්තියෙන්, බලය අපේ අතට ගන්නවා.අරගෙන අපේ දරුවන්ගේ අතට දෙන්නේ නෑ, 

අපේ ඥාතී පරම්පරාවන්ගේ අතට දෙන්‌නේ නෑ, 

අපි මේ දූෂිත ප්‍රභූ පැලැන්තිය අතේ තියෙන බැටන් එක අපේ අතට අරගෙන මේ අපි ඉදිරිපිට ඉන්න නූතන පරම්පාරව අතට මේ රාජ්‍යය පාලන බලය අපි ලබා දෙන්න ලෑස්තියි.

ලබා දීලා අපිට පුලුවන් ගෙදරට වෙලා  අපේ අලුත් තරුණ පරම්පරාව  මේ රට පාලනය කරන්නේ කොහොමද කියලා නිවී සැනසිල්ලේ බලාගෙන ඉන්න 

අපි කැමතියි.අපි හැරමිටියෙන් බැරි බැරි ගාතේ වේදිකාවට නගින කොට නෙවිල්ගේ මුක්කුවත් එක්ක නගින මහින්ද කෙනෙක් නම් වෙන්නේ නෑ,ඇයි ඒ පුතාට බැටන් එක මාරු කරන්න  ඕනේ, අපේ බැටන් එක මාරු කරන්නේ මේ රටේ නව තරුණ පරම්පරාව අතට, 

මේ රටේ බලය මාරූ කිරීමේ දිශානතියකට ජාතික ජන බලවේගය අඩිය තියනවා.

ඒකේ අවස්ථාව තමයි මේ මැතිවරණය.ඒ වෙනුවෙන් මේක ඉතාම තීරණාත්මක මැතිවරණයක්.හුදු කතිරයක් ගහන, හුදු ආණ්ඩුවක් පලවා හරින, හුදු නායකයෙක් පත් කරණ මැතිවරණයක් නෙමෙයි,මේ එන්නේ 

මේ රට පරිවර්ථනය කරන යුගයක් මේ එන්නේ, ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු "