පාරිභෝගික නිතිරිති උල්ලංඝණය කරමින් වෙළදාමේ නිරත වු ගාල්ල දිස්ත්‍රික්කයේ ඉකුත් ජුනි මාසය තුලදි සිදුකළ වැටලිම් වලදි වෙළදුන් වෙළදුන් 75 දෙනෙකු කොටුකර ගැනිමට හැකිවු බව පරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසනවා
මෙම වැටලිම් සිදුකරව තිබෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරින් විසින්
මෙම වෙළදුන් 72දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් අයකරගැනිමට හැකි වූ බවයි පරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසා සිටියේ.
කල්ඉකුත්වු භාණ්ඩ අලෙවි කිරිම සදහා ප්‍රදර්ශනය කිරිම, කල්ඉකුත්වි ඇති උදු,පිටි,බිස්කට් වර්ග ඇතුළු ආහාර වර්ග හොද භාණ්ඩ සමග විකිණිම සදහා ප්‍රදර්ශනය කිරිම, මිල ප්‍රදර්ශනය නොකිරිම,ආනයනකරුගේ තොරතුරු නොමැතිව සබන්, ක්‍රිම්වර්ග, සුවදවිලවුන් ,අලෙවි කිරිම ඇතුළු පාරිභෝගික වැරදි සිදු කර තිබෙන්නේ.
නෙළුව,තවලම, අම්බලන්ගොඩ, හබුරුගල, උඩුගම, ඇල්පිටිය,බද්දේගම යන ප්‍ර දේශවල දි මෙකි වැටලිම් සිදුකොට තිබු අතර වෙළදුන් ගාල්ල, උඩුගම, ඇල්පිටිය, හා බද්දේගම යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට තිබුණි.