Saturday, March 1, 2025

General line - 0115112241

පියුමි හංසමාලි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට



ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුම් හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

එම කොට්ඨාසය කළ දැනුම් දීමක් මතයි ඇය  එලෙස පැමිණ ඇත්තේ.

පියුමි හංසමාලි සැකකටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනින් දේපළ උපයා ගැනීමේ සිද්ධියකට අදාළව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම කොට්ඨාසය විසින් ඇයගේ බැංකු ගිණුම්වල තොරතුරු ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

පියුමි හංසමාලිගේ ආලේපන හා රූපලාවන්‍ය උපකරණ බෙදා හරින කුරියර් සමාගමේ සභාපතිවරයාගෙන් ද මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එම සමාගමේ තවත් සේවකයින් පිරිසකගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.