Saturday, March 1, 2025

General line - 0115112241

පෙට්‍රල් 92 මිල අඩු කිරීම ප්‍රමාණවත් නොමැති බවට චෝදනා



මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද මිල ගණන් අඩුකර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් පහළ දැමූ පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 41කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 22ක මුදලකින් අඩුකල බවයි එම සමාගම් පැවසුවේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379ක් වනවා.

සුපිරි ඩීසල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 355ක මුදලකටයි. කෙසේවෙතත් කිසිදු සමාගමක් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිලෙහි සංශෝධනයක් සිදුකර නැහැ.

පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අඩුකිරීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.


මේ අතර පසුගිය 26 වනදා ප්‍රවාහන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ගත් තීරණයට අනුව බස් ගාස්තු සියයට පහකින් පහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළ දමන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.


කෙසේවෙතත් පෙට්‍රල් මිල අඩු කළද ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමීමට හැකියාවක් නොමැති බව ත්‍රීරෝද රථ රියදුරු සංගම් පවසනවා.

වෘත්තීය ත්‍රීරෝද රථ සංගමයේ ලේකම් නිශාන්ත කුමාර පැවසුවේ ත්‍රීරෝද රථ නඩත්තු කිරීම සඳහා වැයවන මිල ගණන් ඉහළ යාම හමුවේ එලෙස ගාස්තු පහළ දැමිය නොහැකි බවයි.  


මේ අතර පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දමන බවට නෙත් එෆ් එම් කණින් කොනින් විශේෂාංගයෙන් පසුගියදා රට හමුවේ අනාවරණ කළා.