දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගත වූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් එම පුද්ගලයාගේ ගැටී අනතුර සිදුව තිබෙනවා.
පදික පුද්ගලයා කුරුණෑගල රෝහල ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල මිලේනියම් සිටිහි පදිංචිව සිටි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරා කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, කුරුළු කැලේ හන්දිය ප්‍රදේශයේ දී තවත් අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
යතුරු පැදියක් බස් රථයක ගැටී සිදු වූ එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැලිමඩ, මකුද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කෑගල්ල රෝහල ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඔක්කම්පිටිය, කරුවලගස්වැව සහ උඩපුස්සැල්ලාව ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් ද පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.