ඇප මත මුදාහැරි නීතිඥභාවය අත්හිටුවා ඇති සුසිල් ප්‍රියන්ත ජයතුංග නැමැත්තා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් යළි ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝගය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ.
නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබූ කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ඔහු මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.