විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය අද සහ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබුන ද එය කල් දැමීමටයි ඊයේ රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත්තේ.
ඒ අනුව අද දිනයේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය පමණක් ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වී තිබෙනවා.
හෙට දිනයේ පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වීමට ද එහිදී තීරණය වූ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවේ.
ඒ, අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමතව තිබීම හේතුවෙන්.
ඒ අනුව හෙට පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා ඒ මහතාගේ දේහය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කෙරෙනවා.
අභාවප්‍රාප්ත වූ හිටපු විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතාගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.