අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12යි දශම 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කිරීමට තීරණය කර ඇති අතර එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690ක් වනු ඇති.
කිලෝග්‍රෑම් 05 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 40කින්.
ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,482ක් දක්වා අඩුවනවා.
කිලෝග්‍රෑම් 02යි දශම 03 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් අඩුකර ඇති අතර එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් දක්වා අඩුවන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.