පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයෙන් හා මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින්.
තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුනා.