Tuesday, April 1, 2025

General line - 0115112241

නීතිවිරෝධි ලෙස ගෙන් වූ දුම්වැටි තොගයක් සමඟ අතුරුගිරියේදී සැකකරුවෙකු අත්අඩංගුවට



තීරු බදු රහිතව නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන් වූ දුම්වැටි 5,600ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සමත් වී තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව අතුරුගිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය, පෝරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදී ඇති බව පොලිස් ප්‍රකාශක මාධ්‍ය අංශය සඳහන් කළා.