ඉකුත්දා හම්බන්තොට ආශ්‍රිත ඈත මුහුදේ දී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බවත් මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාව කැඳවන ලෙසට නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ.