එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකින් තියුණු ජයක් වාර්තා කිරීමට ගෝල් මාවලස් කණ්ඩායම සමත් වුණා.
ඒ, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 177ක් රැස්කළා.
පැතුම් නිස්සංක පන්දු 33කදී ලකුණු 51යි. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 48කදී ලකුණු 59ක් රැස්කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් මාවලස් කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 179ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේ 20වන පන්දු වාරයේ අවසන් පන්දුවේදීයි.
ඇලෙක්ස් හේල්ස් පන්දු 47කදී ලකුණු 65යි.
නිරෝෂන් දික්වැල්ල පන්දු 27කදී ලකුණු 47ක් රැස්කළා.
මෙම ජයග්‍රහණය එල් පී එල් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගත් තරගය ලෙසටයි වාර්තා අතරට එක් වුනේ.