Sunday, March 2, 2025

General line - 0115112241

අභාවප්‍රාප්ත ආර් සම්පන්දන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

එන් ඒ ඩබ් නිරෝෂන්



හිටපු විපක්ෂ නායකවරයෙකු වූ, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ මහතාගේ දේහය අද පස්වරු 02 සිට 04 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැම්පත් කිරීමට නියමිතයි. 

ඒ අනුව ආර් සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. එස්. සුමන්තිරන් පැවසුවේ සවස 04 දක්වා ආර් සම්පන්දන් මහතාගේ දේහය පාර්ලිමේන්තුවේ තැන්පත් කර තැබෙන බවයි.


මේ අතර ආර් සම්පන්දන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ඉලංගෛ තමිල් අරසු පක්ෂය නියෝජනය කරන ශන්මුගම් කුගතාසන් පත් කරන බවටයි වාර්තා වන්නේ.