ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හොරණ, කුඹුක ප්‍රදේශයේ ජල පාරිභෝගිකයින්ට නිසි පරිදි ජලය නොලැබෙන බවට එම පාරිභොගිකයන් මැසිවිලි නගනවා.
කුඹුක - නැගෙනහිර, කුඹුක - බටහිර සහ කොටුබත්ගොඩ පාර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පවසන්නේ විටින් විට සිය ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බවයි.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලයෙන් විමසීමක් කළා.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ කඳන ජල පවිත්‍රාගාරයෙන් බවයි.
එම ජල පවිත්‍රාගාරයෙන් දෛනිකව ජලය ඝන මීටර් 40,000ක් පමණ සපයන බවත් එම ධාරිතාව ඉක්මවා ජල ඉල්ලුම වැඩි වී ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළා.
ඒ අනුව ජපන් අධාර මත නව ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුන ද ආර්ථික අර්බුධය හේතුවෙන් එය ද නවතා දමා තිබෙනවා.
ඒ අනුව නව ජල පවිත්‍රාගාරයක් ඉදිකරන තුරු අදාළ ප්‍රදේශවල ජනතාවට ජලය අඛණ්ඩව සැපයීමට නොහැකි වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
උපරිම ධාරිතාව ඉක්මවා ජල ඉල්ලුම වැඩි වී ඇති හෙයින් අදාළ ප්‍රදේශයන්හි උස් බිම්වල පදිංචිකරුවන්ට මෙම ගැටළුව බලපා හැකි බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.