ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාවට සහ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා අමෙරිකාවේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ඔහු අන් කවරෙකුවත් නොව මෙරට සිට ඇමෙරිකාවේ පදිංචියට ගොස් එරට ජනාධිපති ජෝ බයිඩ්න්ගෙන් පවා සමාජ සේවා රන් සම්මාන දිනා ගත් වොරන්ට් සනුහක් පින්නවලගේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ක තරඟකරුවන් සහභාගීත්වයෙන් පැවති “කරුණාව හේතු කොට ගෙන අදහස් ප්‍රකාශ කිරීමේ” තරඟාවලියට සහභාගී වී සනුහක් පින්නවලගේ එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තා.
එයින් තමාට ලැබුණු විශාල මුදල් ත්‍යාගයයි මෙසේ ශ්‍රී ලංකාවේ දිළිදු ජනතාවට සහ විශේෂයෙන් අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් උපකරණ සඳහා පරිත්‍යාග කිරීමට ඔහු තීරණය කර ඇත්තේ.
ලෝකයේ මෙතෙක් පැවති යුද්ධවල දී අසරණ වී සිටින ජනතාවට සනුහක් පින්නවලගේ සිදු කළ උදව් උපකාර සහ සත්කාර අගය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඔහු වෙත රන් සම්මානයක් ද ප්‍රදානය කර තිබෙනවා.
සනුහක් පින්නවලගේ දෙමාපියන් ඇමෙරිකාවේ වෛද්‍යවරුන් ලෙස සේවය කරමින් සිටින අතර ඔවුන් මීට පෙර කොළඹ, මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වී සිටියා.