Tuesday, April 1, 2025

General line - 0115112241

කතරගම පෙරහැර මංගල්‍යයට පාද යාත්‍රාවේ පැමිනෙන බැතිමතුන් කතරගම ආසන්නයට ලඟා වෙයි

ජයන්ත වීරසේකර



රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කදුකරයේ සිට පාද යාත්‍රාවේ පැමිනෙන බැතිමතුන් මේ වන විට වැල්ලවාය සහ බුත්තල නගරවලට ලඟා වී තිබෙනවා.

එම බැතිමතුන් හෙට දින වන විට කතරගමට ලඟා වීමට නියමිතයි.

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ මෙවරත් කඳුකරයේ සිට පාද යාත්‍රාවෙන් කතරගම වන්දනාවට පැමිණීමට විශාල බැතිමතුන් පිරිසක් එක් වී සිටින බවයි.  

නුවරඑළිය, තලවකැලේ සහ හැටන් යන ප්‍රදේශවල සිට විශාල වශයෙන් පාද යාත්‍රාවේ බැතිමතුන් මෙලෙස වාර්ෂිකව කතරගම වන්දනාවේ පැමිණෙනවා.

එම සංඛ්‍යාව මෙම වර්ෂයේ දී වැඩි වී ඇති බවයි පාද යාත්‍රාවට එක් වූ පිරිස් පවසන්නේ.